සීතාවකපුර නගර සභාව මගින් ප්‍රදේශයේ ජනී ජනයාට නොමිලේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම පිණිස නිදහස් ආයුර්වේද යක් පවත්වාගෙන යනු ලබයි.
සීතාවකපුර නගර සභා නිදහස් ආයුරැවේදය සතියේ දින පහම
පෙ ව 8 .30 - ප ව 4 . 15සෙනසුරාදා පෙ ව 8 .30 සිට ප ව 12 . 30 දක්වා විවෘතව පතින අතර ඉරිදා දින පොහොය දින සහ රජයේ නිවාඩු දින වසා ඇත.
සවස 3 දක්වා ප්‍රතිකාර කරනු ලබයි.
සීතාවකපුර නගර සභා නිදහස් ආයුර්වේදයේ ඖෂධ නිෂ්පාදනාගාරයක්ද පවති.
සීතාවකපුර නගර සභා නිදහස් ආයුර්වේදය මගින් ජංගම සායන පවත්වනු ලැබේ.
සීතාවකපුර නගර සභා නිදහස් ආයුර්වේදයේදීම රෝගීන් ලියාපදිංචි කරනු ලැබේ.
දිනකට රෝගීන් 50 – 60 අතර දැනට සීතාවකපුර නගර සභා නිදහස් ආයුර්වේදයට පැමිණෙන අතර ආයුර්වේදයේම ඔසු උයනක් පවතින අතර ඉන් රෝගීන්ට බෙහෙත් නිකුත් කරනු ලැබේ.
සීතාවකපුර නගර සභා පෙර පාසල්
සීතාවකපුර නගර සභාව සතුව ප්‍රධාන පෙර පාසල සහ තවත් ශාඛා පෙර පාසල් 4 ක් සමග පෙර පාසල් 5 ක් පවතී. ප්‍රදේශයේ පෙර පාසල් අධ්‍යාපනය ලැබිය යුතු වයසේ සිටින දරුවන්ට සුන්දර ළමා කාලයක් හිමිකර දෙමින් ඔවුන්ගේ බුද්ධි මට්ටම ඉහළ දැමීමට අප පෙර පාසල් තුලින් සුවිශාල මෙහෙවරක් ඉටුවේ.
සීතාවකපුර නගර සභාව සතුව පවතින පෙර පාසල් ලෙස ප්‍රධාන පෙර පාසල - අවිස්සාවේල්ල, පුවක්පිටිය පෙර පාසල, සීතාගම පෙර පාසල, වෙරළුපිටිය පෙර පාසල, ප්‍රගතිපුර පෙර පාසල දැක්විය හැකිය.
දිවා සුරැකුම් මධ්‍යස්ථානය
ඔබගේ රැකියාවේ කර්යය බහුලත්වය හමුවේ ඔබ මුහුන දෙන ප්‍රධානම ගැටලු අතරින් එකක් ලෙස ඔබගේ කුඩා දරුවා දිවා කාලයේදී රැක බලාගැනීම හැඳින්විය හැක.ඒ සඳහා ඔබට සහය වීමටද සීතාවකපුර නගර සභාව සූදානම්.
අප නගර සභාවසතු දිවා සුරැකුම් මධ්‍යස්ථානය තුලින් ඔබගේ කුඩා දරුවා දිවා කාලයේදී රැකබලා ගැනීමේ කාර්යය ඔබට ඉතා විශ්වාසනීය ලෙස පැවරිය හැක.කාරුණික සහ විනීත සේවයක් තුලින් ඔබගේ කුඩා දරුවාගේ සුරක්ෂිත භාවය තහවුරු කිරීමට අප කැපවි සිටිමු.
ඉහත සඳහන් කල පෙර පාසල් සහ දිවා සුරැකුම් අයදුමීපත්‍ර නගර සභා ප්‍රධාන පෙර පාසලෙන් සහ අප වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
වැඩි විස්තර සදහා අමතන්න 036-2222275