ගොඩනැගිලි අවසර පත්ර
නගර සභා සීමාව තුළ පිහිටි සියලුම ඉදිකිරීම් සදහා නගර සභාවේ අවසරය ලබාගත යුතුය.
1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනතේ 3 (1) යටතේ නාගරික සංවර්ධන ප්රදේශ ලෙස සීතාවකපුර නගර සභා බල ප්රදේශය ප්රකාශයට පත් කර තිබීම නීතීමය අධිකාරිය යි .
ගොඩනැගිලි බලපත්රයක වලංගු කාලය
වසර 01 වන අතර කාලය දීර්ඝ කිරීම වසර 02 ක් සිදුකල හැකිය. නගර සභාවට ගොඩනැගිලි අයදුම් පත්රයක් ඉදිරිපත් කිරීමට ඇති සුදුසුකම් ලෙස,
ඉදිකිරීම් සීමාව තුළ නිශ්චල දේපළක හිමිකරුවෙකු විය යුතු වීමත් ඉල්ලුම් කරනු ලබන පුද්ගලයාගේ නම නගර සභාවේ වරිපනම් බදු ලේඛනයේ ලියාපදංචි වී තිබිය යුතු අතර ප්රවර්තන වර්ෂයේ අවසානය තෙක් වරිපනම් ගෙවා තිබිය යුතුය. එමෙන්ම ගොඩනැගිල්ල ඉදිකිරීමට බලාපොරොත්තුවන බිම් කැබැල්ලට අදාළ මිනින්දෝරු සැලැස්ම සඳහා අනුමැතිය ලබාගෙන තිබිය යුතුය. විස්තර